Wednesday, October 15, 2014

ඉසුරු පිරි යුගයකට නැනෝ තාක්ෂණය 01



අළුතින් බ්ලොග් එක හැදුවට පස්සේ ඉස් ඉස්සෙල්ලම නැනෝ තාක්ෂණය ගැන ලියන්න හිතුනා. මොකද අපි හැමෝම ඒ ගැන දැන ගැනීම ගොඩක් වැදගත් වෙනවානේ. 

ඇත්තටම මොකක්ද මේ නැනෝ තාක්ෂණය කියන්නේ.. ?

නැනෝ කියන වචනයෙන් අදහස් වෙන්නේ "අඟුටුමිට්ටා" කියන අදහස. 

හැබැයි එහෙම සඳහන් වෙන්නේ ග්‍රීක භාෂාවේ. කොහොම වුනත් "නැනෝ" යන්නෙන් අදහස් වෙන්නේ කුඩා දෙයක් පිලිබඳවයි. විද්‍යාත්මකව නැනෝ කියන පදය යොදන්නේ බිලියනයකින් කොටසක් හැඳින්වීමටයි.

"NANO" කියන වචනය සිංහලෙන් හඳුන්වන්නේ "නිණිති" කියලා. මේ නැනෝ තාක්ෂණය එහෙමත් නැත්නම් නිණිති තාක්ෂණය කියලා කියන්නේ නැනෝ පරිමාණය මත ගොඩ නැගුනු තාක්ෂණයටයි. නැනෝ පරිමාණය කියලා කියන්නේ අපි දන්න මීටරය තියනවනේ.අන්න ඒ මීටරයකින් බිලියනයකින් කොටසක්. ඒ කියන්නේ 1M=10-9 . දැන් තේරේනවනේ නැනෝ කියලා කියන්නේ කොයි තරම් නම් කුඩා දෙයක්ද කියලා.
කෙටියෙන්ම කිව්වොත් නැනෝ තාක්ෂණය කියන්නේ නැනෝ මීටර් 1 සිට 100 දක්වා වු පරිමාණයට අයත් ද්‍රව්‍ය (නැනෝ අංශු) පිළිබදව අධ්‍යනය කිරීම, පරීක්ෂණ කිරීම, සංවර්ධන ක්ෂේත්‍ර වලට දායක කරගැනීම, ඒවා තුලින් සිදුකරනු ලබන නිෂ්පාදන ක්‍රියාවලි සියල්ලයි. 

එතකොට නැනෝ අංශු කියන්නේ නැනෝ භාවිතයෙන් සාදන අංශු වලට.මෙම අංශු භාවිතයෙන් තමා යම් යම් නිෂ්පාදන සාදන්නෙ. නමුත් නැනෝ අංශු පියවි ඇහැට තියා සාමාන්‍ය අන්වීක්ෂයකින් වත් අපිට දැකගන්න බෑ . මේවා දැකීමටනම් නැනෝ පරිමාණය යටතේ හදපු විශේෂ අන්වීක්ෂ වගේ උපකරණ ඕනි වෙනවා.මොකද ඒවා එතරම් පොඩි නිසා.මේ හේතුව නිසා ඉතා කුඩා , කාර්යක්ෂමතාව ඉතා ඉහළ භාණ්ඩ නිපදවීමට Nano තාක්ෂණය යොදාගන්න ලොව බොහෝ පිරිස් උනන්දු වෙනවා.

ඔයාලා දන්නවද කූඹියෙකුගෙ දිග 5,000,000 nm පමණ වෙන බව.?  


මිනිස් රතු රුධිරාණුවක් නැනෝමීටර් 7500 ක් පමණ වෙනවා එතකොට තේරෙනවනේ නැනෝ මීටරයක් කියල කියන්නේ ඇසටවත් නොපෙනෙන ඉතාමත් කුඩා දෙයක් බව


ඕනෑම ද්‍රව්‍යයක් නැනෝ මට්ටම දක්වා කුඩා කරන විට ඒවායේ භෞතික ගුණ වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එවායේ ශක්තිය වැඩි වෙනවා. බර ඉතාමත් අඩු වෙනවා. තාප හා විද්‍යුත් සන්නායකතාවන්
වෙනස් ආකාර වලින් සිදු වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි,
මේ මට්ටමේදි ද්‍රව්‍ය වලට තමන්ගේ පාට පවා වෙනස් කරන්න පුළුවන්.

උදාහරණයක් විදිහට ගත්තොත් රත්තරන් වලට නැනෝ මට්ටමේදි
තමන්ගේ වර්ණය රතු හෝ නිල් බවට වෙනස් කරන්න පුලුවන්. ඉතින්
 විද්‍යාඥයෝ දැන් උත්සාහ ගන්නේ මේ වෙනස් වන භෞතික ගුණ ප්‍රයෝජනයට අරගෙන වඩා කාර්යක්ෂම, ශක්තිමත්,සැහැල්ලු සහ වේගවත් තාක්ෂණික මෙන්ම ඉංජිනේරුමය නිර්මාණයන් බිහි කිරීමටයි.
නැනෝ තාක්ෂණයේදී අනුගමනය කරන ප්‍රධාන පිළිවෙත් දෙකක් තිබෙනවා. ඒ තමයි Top -down  approach සහ Bottom -up approach Top -down  approach කියන්නේ ලොකු දෙයකින් පොඩි දෙයක් හදන එක. හරියට ලොකු ගලකින් කැබලි ඉවත් කරලා පිළිමයක් හදනවා වගේ.  Bottom -up approach කියන්නේ ඒකේ අනිත් පැත්ත. කුඩා දේවල් එකතු කරලා ලොකු දෙයක් හදන එක. ලොකු කිව්වට මේක තියෙන්නේ නැනෝ මීටර ප්‍රමාණයේ. නැත්නම් නැනෝ තාක්ෂණය වෙන්නේ නැහැනේ.  

ඔන්න දැන් නැනෝ කියන්නේ මොකක්ද කියලා ටිකක් හරි තේරුම් යන්න ඇතිනේ... තව ටිකක් තේරුම් ගන්න පුළුවන් මේ වීඩියෝ එක බැලුවම. දැන් මේක බලලා ඉන්නකෝ..

නැනෝ තාක්ෂණය නිසා අනාගතේ කොහොම වෙයිද කියලා තේරෙන්න ඇතිනේ මේ වීඩියෝවෙන්. ඒවා ගැන පසුව ලියන්නම්. නැනෝ තාක්ෂණය ගැන තව ගොඩක් දේවල් තියනවා.. දෙවැනි ලිපියෙන් හමුවෙමු එහෙනම්. හැමදෙනාටම බුදු සරණයි...... !

2 comments:

Manosh Sandaruwan said...

ඔබ වහන්සේගේ ඊමේල් රිප්ල්යි එක දැක්කා.. මාස ගානකට පස්සෙ. අලුත් බ්ලොග් එක හොඳයි වගේ තමයි. සුබපතනවා දිගු ගමනකට.

Unknown said...

බොහොම ස්තුතියි...

Post a Comment

කමෙන්ට් එකක් දාලාම යන්න...

මගේ ස්කයිප් එක

Add me to Skype

Followers

Blogger news

lankeeya sithuwili