Saturday, October 18, 2014

හතරවෙනි ඇංජිම

ඔන්න ගුවන්යානයක් අහසෙ පියාසර කර කර තිබුණා. හදිස්සියෙන්ම ගුවන් නියමුවා මගීන්ව ඇමතුවා.

"අපේ යානයේ එක එංජිමක් ක්‍රියා විරහිත වුනා. ඒත් භය වෙන්න දෙයක් නෑ අපට තව එංජින් තුනක් තියනවා ඒත් අපිට ලංකාවට යන්න තව පැයක් වැඩිපුර පරක්කු වේවි."

ඔන්න මෙහෙම කියපු ගුවන් නියමුවා පැය භාගෙකට පස්සේ ආයෙත් මෙහෙම කියනවා.

"තවත් එංජිමක් ක්‍රියා විරහිත වුණා. ඒත් කලබල වෙන්න එපා. අපිට තව එංජින් දෙකක්ම තියනවනේ. හැබැයි ලංකාවයට යන්න තව වැඩිපුර පැය දෙකක්වත් යාවි"

ඔන්න බොලේ ඊටත් විනාඩි 10කට පස්සේ ආයෙත් ගුවන් නියමුවා මගීන්ව ඇමතුවා.

"ඔබ කලබල වෙන්න එපා. අපේ තුන්වෙනි ඇංජිමත් ක්‍රියා විරහිත වුණා. ඒත් තනි එංජිමෙන් ගමන ඉවර  කරන්න පුළුවන් වේවි. කොහොම වුනත් ගමන ඉවරකරන්න තව පැය 3ක් වත් යාවී"

මේ වෙලාවේ එක මගියෙක් හොඳටම කළබල වුණා.
"හත්වලාමේ ඊළඟ ඇංජිමත් නතරවුනොත් අපට මුළු රෑම ඉන්න වෙන්නේ අහසෙ තමා"
:)

0 comments:

Post a Comment

කමෙන්ට් එකක් දාලාම යන්න...

මගේ ස්කයිප් එක

Add me to Skype

Followers

Blogger news

lankeeya sithuwili