Monday, October 20, 2014

ඉසුරු පිරි යුගයකට නැනෝ තාක්ෂණය 02

නැනෝ තාක්ෂණයෙහි ඉතිහාසය හා නැනෝ වෛද්‍ය විද්‍යාව

නැනෝ තාක්ෂණය ගැන පවසද්දී එහි ඉතිහාසය පිළිබඳව දැන ගෙන සිටීම වැදගත්. කොයි දේකත් ඉතිහාසය දැනගෙන ඉන්න එක වටිනවනේ. ඒ හින්දම නැනෝ තාක්ෂණය ගැන මගේ දෙවැනි ලිපියෙන් එහි ඉතිහාසය ගැන ඔයාලව දැනුවත් කරන්න හිතුවා. පළවෙනි ලිපිය බැලුවෙ නැත්නම් මෙතනින් බලන්න.

 නැනෝ තාක්ෂණය පිළිබඳව මුලින්ම සඳහන් කළේ රිචඩ් ෆේමන් කියන භෞතික විද්‍යාඥයා. මේ ඉන්නේ එතුමා තමයි.
1959 කැලිෆෝනියාවේ විශ්වවිද්‍යාලයකදී එතුමා යටි පැත්තේ තවත් බොහෝ ඉඩ ඇත යනුවෙන් දේශනයක් කළා. පරමාණු අණු රැස් කරලා විවිධ නිර්මාණ කරන්න පුළුවන් බව එතුමා ප්‍රකාශ කළා. ස්වභාවිකව තිබෙන ජීව විද්‍යාත්මක පද්ධති පුංචි වුනත් කාර්‍යශීලී නිසා මිනිසාට කුඩා ප්‍රමාණයේ පුදුම හිතෙන නිර්මාණ කරන්න පුළුවන් කියලා එතුමා එදා ප්‍රකාශ කළා. මෙතුමා නොබෙල් ත්‍යාගයෙන්ද පිදුම් ලැබූ කෙනෙක්. 

නැනෝ තාක්ෂණය පිළිබඳ මුලින්ම ප්‍රකාශ කලේ මෙතුමා උනත් නැනෝ තාක්ෂනයේ පියා ලෙස හඳුන්වන්නේ නම් මෙතුමා නෙමෙයි. 



ආ.... එහෙනම් කව්ද ඔය කියන නැනෝ තාක්ෂණයේ පියා.. ?? 


මේ ඉන්නේ එතුමා තමයි..     
මෙතුමාගේ නම තමයි සුප්‍රකට විද්‍යාඥ ,මහාචාර්ය එරික් ඩෙක්ස්ලර්.  1987 දී මෙතුමා "නිර්මාණයේ යන්ත්‍ර -අනාගත නැනෝ තාක්ෂණ යුගය" කියන නමින් කෘතියක් පළ කළා. මේ කෘතිය නිසා ගොඩක් අය නැනෝ තාක්ෂණය පිළිබඳ අනාවැකි කියන්න පටන් ගත්තා. නොයෙක් මති මතාන්තර ඇති වුනා.
 
නැනෝ කියලා කිව්වම එහෙමත් නැත්නම් නිණිති කියලා කිව්වම අපිට හිතෙන්නේ මේක මේ ඊයේ පෙරේදා හොයා ගත්තු තාක්ෂණයක් කියලනේ. ඒත් මේ නැනෝ තාක්ෂණයේ ඉතිහාසය ක්‍රි.ව  4 වන ශත වර්ශය තරම් ඈතට ගෙනයනවා. අවුරුදු 50 කටත් වැඩි ‍ඓතිහාසික සොයාගැනීම් තමයි අද අපි නැනෝ තාක්ෂණය කියලා හඳුන්වන්නේ.

 ක්‍රි.ව 10 වන ශත වර්ශයේදී පවා නැනෝ පරිමාණයේ රත්තරන් යොදාගෙන නොයෙක් නොයෙක් නිශ්පාදන කළා කියලා වාර්තා වෙනවා. හිතා ගන්නවත් බෑ නේ ? ඒත් ඉතිං මේ ලඟදිනේ නැනෝ පරිමාණයේ අංශු දකින්න පුළුවන් අන්වීක්ෂ හොයගත්තේ. 

මං කලින් කිව්වනේ නැනෝ තාක්ෂණයේ ඉතිහාසය ක්‍රි.ව  4 වන ශත වර්ශය තරම් ඈතට ගෙනයනවා කියලා. ඒකට උදාහරණයක් තමයි මම දැන් පෙන්නන්න යන්නේ. ඒ තමයි Lycurgus cup එක. 

මේ කොළ පාට බඳුනට ආලෝකය වැටුනම රතු පාටින් තමයි පෙන්නන්නේ. මෙහෙම වෙන්නේ බඳුනේ තියන රත්තරං නැනෝ අංශු නිසාලු. විස්වාශ නැත්නම් මේකත් බලලම ඉන්නකෝ.


 


නැනෝ වෛද්‍ය විද්‍යාව


එහෙනම් දැං අපි බලමු මේ නැනෝ තාක්ෂණය කොහොමද වෛද්‍ය විද්‍යාවට බලපාන්නේ කියලා. මේ පිළිබඳ යම් කිසි දැනුමක් මගේ පළවෙනි ලිපියෙහි තිබුණු වීඩීයෝ එකෙන් ලැබෙන්නට ඇති කියලා මම විශ්වාශ කරනවා.  ඉතිං මේ පිළිබඳව කෙටියෙන්ම කිව්වොතින් රෝග විනිශ්චය, රෝග වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම වගේ අංශවල අති විශාල පෙරලියක් සිද්ධ වේවි. දියවැඩියා මර්ධනය කරන්න පිළිකා රෝග සුව කරන්න කෘතිම අස්ථි නිපදවන්න අනිවාරෙන්ම පුළුවන්කමක් ලැබෙනවා. අනාගතේදී නැනෝ තාක්ෂනික උපකරණ නිසා අපගේ ශරීරයේ සියළු පරීක්ෂාවන් සාම්පල් පරීක්ෂාවක් කරන්නේ නැතුවම ගෙදර ඉඳන්ම වෛද්‍යවරයාට දැනුම් දෙන්න හැකියාවක් ලැබෙනවා. නියමයි නේ.. :)

 ඒත් ඉතිං මේවගෙන් අන්තිමට වෙන්නේ මිනිස්සුන්ව තව තවත් කම්මැලිවෙන එකයි, ලෙඩ වෙන එකයි, ආයුෂ කෙටි වෙන එකයි තමයි. :( . 

 වෛද්‍ය විද්‍යාෙව් ලොකුම පෙරළිය තමයි ඇඟ ඇතුලේ තියන වෛරස් රෝගාදිය නැතිකරන්න ඇඟ ඇතුළෙම දුවන්න නැනෝ රොබෝවරු යොදවන එක.


කොහොමද මේ වගේ රොබෝලා ඇඟ ඇතුලේ දුවනකොට.. මොවුන් භාවිතයෙන් පිළිකා සෛල විනාශ කරන්නත් ස්වයංක්‍රීයව ශල්‍ය කර්ම කරන්නත් හැකියාව පවතිනවා.

එහෙනම් නැනෝ තාක්ෂණය පිළිබඳව තවත් බොහෝ දේවල් එක්ක ඊලඟ ලිපියෙන් හමුවෙමු යාළුවනේ.. හැමෝටම තෙරුවන් සරණයි.. !













.

0 comments:

Post a Comment

කමෙන්ට් එකක් දාලාම යන්න...

මගේ ස්කයිප් එක

Add me to Skype

Followers

Google+ Followers

funny video

Loading...

Blogger news

lankeeya sithuwili