Thursday, October 16, 2014

සිංහල ජාතිය සහ බුදු දහම

අද වෙනකොට අපේ සම්බුද්ධ ශාසනය සහ සංස්කෘතිය බොහෝ ලෙස සෝදාපාළුවට ලක්වෙලා. ආත්මාර්ථය උදෙසා කටයුතු කරන්න පෙළඹිලා ඉන්නේ ගිහි ජනතාව පමණක්ම නෙමෙයි. සමහර භික්ෂුන් දැන් ආත්මාභිවෘද්ධිය උදෙසා කටයුතු කරන්න පටන් අරන්. මේ සම්බුදු සසුන භාරව ඉන්නේ භික්ෂුව පමණක් නෙමෙයි. සිව්වනක් පිරිසම අප සම්බුදු සසුන ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතුයි. බුදු සසුන විනාශ වෙද්දි කට බඩ පියාගෙන ආත්මාර්ථය පිණිස කටයුතු කරන බෞද්ධයන් දැන් වැඩි වෙලා. අන්න ඒ හින්දම තමයි මට මේ වගේ ලිපියක් ලියන්න හිතුනෙ.
අද හැමොම කථා කරන දෙයක් තමයි මේ සිංහල ජාතියේ විනාශය ගැන. සමහරු බොහොම විරුද්ධයි භික්ෂුව අපේ ජාතිය පිළිබඳව සිතා වැඩ කටයුතු කිරීම පිළිබඳව. ඒ හැම දෙනාගෙන්ම මම අහන්නේ එකම එක ප්‍රශ්ණයයි... සිංහල ජාතිය විනාශ වුවහොත් බුදු දහහමක් මේ හෙළදිව ඉතුරු වෙයිද ?  අන්න ඒ නිසා සම්බුදු සසුන ගැන කථා කරද්දි අපට අපේ ජාතිය ගැන කථා නොකර බැහැ. අපේ සිංහල ජාතිය ගැන කථා කරද්දි අපට අපේ සම්බුදු සසුන ගැන කථා නොකර බැහැ. ඒ තරම් අපේ ජාතියයි අපේ ආගමයි අපේ ලේ මස් නහරවලට කා වැදිලා. 

මෙහෙම අපේ ජාතියත් ආගමත් සංසකෘතියත් විනාශ වී ගෙන යන කාලේ බඩ කට පියාගෙන සිටින භික්ෂූන් වහන්සේලා අද පමණක් නෙමෙයි එදත් හිටියා. ඒ හාමුදුරුවෝ නිකම්ම කෙනෙක් නෙමෙයි රහත් හිමි නමක්. 

මිලිඳු රජ්ජුරුවෝ ගැන ඔයාලා ටිකක් හරි දන්නව ඇතිනේ. මිලිඳු කියන්නේ බොහෝ දැනුමැති සහ වාග්චාතූර්යයෙන් පිරිපුන් කෙනෙක් ඒ වෙනකොට මෙතුමා සමඟ වාද කළ හැකි කිසිම භික්ෂුවක්වත් ගිහියෙක්වත් හිටියෙ නැහැ. ඉතිං එවකට රහතුන් වහන්සේලා පවා වැඩවාසය කළත් මෙතුමා එක්ක වාද කරන්න තරම් වාග්ශක්තියක් ඒ කිසිම රහත් හිමිනමකට තිබ්බේ නැහැ.මිළිඳු රජ්ජුරුවෝ කළේ අපේ භික්ෂුන්වහන්සේලා අපහසුතාවයට පත් කරපු එකයි. මෙන්න මෙහෙම කාලෙක තමයි මේ පිළිබඳව සාකච්ඡා කරන්න භික්ෂුහූ එක්රැස් වුනේ. 
ඒත් මේ අවස්ථාවට රෝහණ මහ රහතන් වහන්සේ වැඩියේ නැහැ. උන්වහන්සේ හිමාල පර්‍වතයෙහි සිටිමින් නිරොධ සමාපත්තියට සම වැදිලා වැඩ සිටින බව දැනගන්නට ලැබුණා. අස්සගුත්ත මහ රහතන් වහන්සේ උන්වහන්සේව කැඳවන්න දූත හිමිනමක් යවන්න හදද්දී ඒ බව කල් තියාම දැනගත් රෝහණ තෙරණුවෝ සෘද්ධියෙන්ම එතනට වැඩියා ඒ අවස්ථාවෙහි අස්සගුත්ත මහරහතන් වහන්සේ රෝහණ මහතෙරුන්ව ඇමතූ හැටි (මිලින්ද ප්‍රශ්ණය- බෞද්ධ සංස්කෘතික දෙපාර්තුමේන්තුවෙන් පළ කළ පොතෙහි- පිටු අංක 14)  මේ විදියට දැක්වෙනවා. 

"කිමෙක්ද ඇවැත්නි, රෝහණ ස්ථවිරයෙනි, බුද්ධ ශාසනය පසු බැස විනාශ වන කල්හි සංඝයා විසින් කළමනාකටයුතු නුදුටුයෙහිදැ"යි විචාල සේක. "

ශාසනය විනාශ වෙද්දි නිරොධ සමාපත්තියට සමවැද සිටීම නිසා අස්සගුත්ත මහරහතුන් විසින් රෝහණ තෙරුන්ට දඬුවම් පමුණුවනු ලැබුවා. කථාවේ තව ගොඩක් තියනවා ඒ පොත අරගෙන කියවන්නකෝ.

අද ඊටත් වඩා නරක කාලයක් එළඹිලා. සිංහල ජාතිය වඳ වෙමින් බුදුදහම සමඟ බැඳුනු අපේ සංස්කෘතිය විනාශ වී ගෙන යනවා. සිංහලයා පක්ෂ පාට ,කුලමල වලට බෙදිලා වෙන්වෙලා. සිංහලයා නැතිකරන්නේ සිංහලයමයි. කවදහරි සිංහලය එකතු වෙන්නේ, සිංහලයා මේ රටේ සුළු ජාතිය වුන දාට. අර ඥානසාර හාමුදුරුවෝ කියනවා වගේ අපි දැන් ජාතක පොත ටිකකට පැත්තකින් තියලා ජාතිය ගැන හිතමු.ඒ කියන්නේ ජාතක පොත පැත්තකට දාන එක නෙමෙයි. අපි දැන් ජාතිය ගැන හිතන්න ඕන කාලේ ඇවිත්. අපේ ආගම තියෙන්නේ ජාතිය රැකුනොත් විතරයි. අපි ඇත්තටම අනික් ආගම් වලට අනික් ජාතීන්ට ගරහනවට වඩා කරන්න ඕන අපේ ආගම සහ අපේ ජාතිය නැගිට්ටවන්න කටයුතු කරන එක. සිංහල ජනයා වැඩිකරන්න වැඩකටයුතු කරන එක. සිංහලයා සමඟි කරවන්න කටයුතු කරන එක. 

 අපි අපේ ආගමට ආදරය කරමු. අපි අපේ මව් රටට අදරය කරමු. අපි අපේ ජාතියට ආදරය කරමු. ඒ වගේම අන් ආගම් සහ අන් ජාතින්ට ගරහනවට වඩා අපේ ජාතිය නඟා සිටුවන්න වැඩ කරමු. පාට පක්ෂ වලට වෙන් වෙලා කුල මල නිසා භේද භින්න නොවී ඉමු. අපි එකම එක ජාතියක් විදියට නැගී සිටින්න හැම පැත්තෙන්ම උත්සහ ගමු. සල්ලි තියන සිංහල මිනිසුනේ නුඹලා දරුවන් වැඩි වැඩියෙන් හදව්.  හෙළ දරුවන් රැසක් සිටින එහෙත් දුප්පත් වූ පවුල්වලට අත හිත දෙමු. ගමෙන් පන්සලට වගේම පන්සලෙන් ගමටත් වැඩ කරමු.

 ඔයාලා හැමෝටම බුදු සරණයි.

0 comments:

Post a Comment

කමෙන්ට් එකක් දාලාම යන්න...

මගේ ස්කයිප් එක

Add me to Skype

Followers

Blogger news

lankeeya sithuwili