Saturday, October 18, 2014

සිදුහත් තවුසාණන් දුටු සිහින පහ අපගෙත් සිහින කරගමු


 1.එතුමන්ට මහ පොළව යහනාවක් විය. හිමාල පර්වතය කොට්ටයක් විය. එහි උඩුකුරුව නිදාගත් එතුමාගේ දකුණත අවරදිග සයුරේද වමත පෙරදිග සයුරේද පිහිටා තිබුණි. 
(සත්‍ය සොයා ජයගන්නා බව)

2. බෝසතාණන් වහන්සේගේ නාභියෙන් රතු ඊතන ගසක් පැන නැගී අහසෙහි විහිද පැතිර ගියේය.
    (සොයාගත් සත්‍යය ලොවට ප්‍රකාශ කරන බව)

3. කළුවන් හිස් ඇති පනුවෝ එතුමාණන්ගේ පාමුල සිට දෙදෙණ තෙක් වසා සිටියහ.
    (ගිහි අනුගාමිකයන් බොහෝ දෙනෙකු ඇති බව)

4. නොයෙක් පැහැයෙන් යුත් ලිහිණියන් සතර දෙනෙක් සිව් දෙසින් පියඹා අවුත් එතුමාණන්ගේ පාමුල වැටී සුදු පැහැයක් ගත්හ. (සිව් කුලයටම අයත් ජනයා අනුගාමිකයන් වන බව)

5. එතුමාණෝ විශාල අසූචි පර්වතයක් මත එහි නොගෑවී සක්මන් කළහ.
    (ලැබෙන සත්කාර කෙරෙහි ගිජු නොවන බව)


හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි... !

0 comments:

Post a Comment

කමෙන්ට් එකක් දාලාම යන්න...

මගේ ස්කයිප් එක

Add me to Skype

Followers

Blogger news

lankeeya sithuwili