ඒ වගේම තණ හාල් වලට මුං ඇටයි පොල් කිරියි එකතු කරලා නියම කිරිබතක් හදාගන්නත් පුළුවන්. පෝෂණ ගුණයෙන් නම් ඉහළයි. මේවා ඉක්මනින් දිරවනවා. ඒ නිසාම රෝගීන්ට ගොඩක් හොඳයි. ඒ වගේම මේවගෙන් හදන කැඳ සර්ප විශටයි,කැඩුමි බිඳුම් තුවාලවලටයි ගොඩක් ගුණයි.
ඒ වගේම මේ කැඳ මව් කිරි නැති දරුවන්ටත් දෙන්න පුළුවන්. කිරි ඌනතාවය මේ කැඳවලින් මඟ හැරෙනවලු. ඔව් ඉතිං ඒක එහෙම වෙන්නත් එපැයි, "ණ" අකුරෙ වෙනස විතරයිනේ තියෙන්නේ. හි හි...
කොහොම වුනත් වකුගඩු රෝග, මුත්ර
රෝග, රුධිර පීඩනය, ග්රහනි රෝග ආදි සියල්ලටම සුදුසු සැහැල්ලූ ආහාරයක් විදියට තණ හාල්වලින් හදපු ආහාර ඉතා වැදගත් වෙනවා.
ශරීරයේ අස්ථි වර්ධනය කිරීමටත්,
බිඳුණු අස්ථි යා කිරීමටත් තණ හාල්වලට
විශේෂ හැකියාවක් තියෙනවා.
එහෙනම් දැං අපි මේ හා බැඳුනු කථාවකුත් අහමුකෝ...
ඔන්න එක්තරා හාමුදුරුනමක් (ඔන්න මම නම් නෙමෙයි) පිඬු සිඟා වඩින්න තණ කෙතක් මැදින් වැඩියා. යන පාර බොහොම පටුයි.. ඉතිං තණ කරල් පාරට නැමිලා තිබුණේ. දැං ඉතිං දානේ වෙලාව පහු වෙන්න කලින් ගමට යන්නත් එපැයි. හාමුදුරුවො කොහොමහරි තණ කරල් දෙපැත්තට කර කර යාංතං ගමට වැඩියා. දානේ වෙලාවත් පරක්කු නිසා ගමේ අය ඇහුවා මොකො හාමුදුරුවනේ පරක්කු කියලා. ඉතිං හාමුදුරුවො කවියකින්ම මෙහෙම පිළිතුරු දුන්නා.
සරුවත් කෙතේ බිජු වපුලේ පැළ වෙන්ඩ
මැරුවත් බැරිය දුටු දෙය නොකියා ඉන්ඩ
බොරුවක් නොවේ මට ජාතියේ කඹුරන්ඩ
වරුවක් පොරේ තණ දෙක හරවා ගන්ඩ
එහෙනම් මාත් ඔන්න වැඩියා... හැමෝටම තෙරුවන් සරණයි.. අදහසක් දාලා ගියොත් තමා හොඳ. ඒත් ඉතිං කව්රුත් දැකලා නොදැක්කා වගේ යනවනේ..
7 comments:
දිටිමි. කියවීමි.
වර්ඩ් වෙරිපිකේෂන් අයින් කරන්න
තණහාල් කැඳ නම් බීල තියනව. මට මතක විදිහට තණ වවන්නෙ ගොඩ ඉඩම් වල. ගොයම් වලට වඩා උසයි.
ම්ම්ම්... කවියයි කතාවයි දෙකම අගෙයි.
ස්තුතියි හැමෝටම. අටම්පහුර අයියා කියපු එක තේරුනේ නැහැ.
බ්ලොග් එකේ ඩැෂ් බෝඩ් එකට ගිහින් සෙටින්ග් සිලෙක්ට් කරල , පෝස්ට් ඇන්ඩ් කමෙන්ට් සිලෙක්ට් කරල, Show word verification කියන තැන yas කියල සිලෙක්ට් වෙලා තියන එන no කරන්න , එහෙම කරහම හරි , නැත්තං මේ බ්ලොග් එකට කමෙන්ට් කරන අයට එක එක වචන , ඉලක්කන් ලියන්න වෙනව කමෙන්ට් එක පබ්ලිස් කරන්න
බ්ලොග් එකේ සෙටින්ග්වල පෝස්ට් ඇන්ඩ් කමෙන්ට් වලට ගිහින් වර්ඩ් වෙරිපි කේසන් වලට ගිහින් නෝ කියල සිලෙක්ට් කරන්න
හරි අයියේ.. කළා.. ස්තුතියි...
Post a Comment
කමෙන්ට් එකක් දාලාම යන්න...